රනිල් හිරේ යනකම් නින්ද යන්නේ නෑ කියපු අය දැන් රනිල් ළඟ නිදි – සුනිල්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව සහ එක්සත් ජාතික පක්ෂය නැති කිරිමට කටයුතු කළ බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඔහු පැවසුවේ, ඒ අනුව රාජපක්ෂවරුන් සමඟ සිටි 92 ක් යළිත් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා සමඟ නැගිටීමට උත්සාහ කරන බවයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මහින්දාන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග වැනි අය පරණම පුද්ගලයින් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මීට පෙර ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ හිරේ යනකම් ඔහුට නින්ද නොයන ලෙස බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා,
“අද රනිල් එක්ක නැගිටින්න හදන්නේ කවුද ආයේ පාරක්, අර්ජුන මහේන්ද්රන්ලා ඇලෝෂියස්ලා වගේ කට්ටිය. මොකද රනිල් හොරු ටිකක් ආරක්ෂා කළා.බැරි වෙලාහරි හීනෙන් හරි කල්පනා කරලා බලන්නකො රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයක් ආයේ නම් කළොත් ආයේ ආණ්ඩුවේ මුදල් ඇමති රවී කරුණානායක”
“මහින්දානන්ද කිව්වේ රනිල් හිරේ යනකන් එයාට නින්ද යන්නේ නෑ කියලා.දැන් රනිල් ළඟ නිදි. නාමල් බේබි කියනවා මීට පස්සේ අපිට කියන්න එපාලු රනිල් රාජපක්ෂ කියලා.එගොල්ලො හිතාගෙන ඉන්නේ මේ උප්පැන්නේ සහතිකේ තියෙන නමක් කියලා රනිල් රාජපක්ෂ කියන්නේ. රාජපක්ෂලාගේ දේශපාලනය නියෝජනය කරා රනිල් වික්‍රමසිංහ. ජනතාව 2022දී ගහලා පැන්නුවට පස්සේ ඒ ගහලා පන්නපු හොරු ටිකට ආරක්ෂාව දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි එයා රනිල් රාජපක්ෂ උනේ. ප්‍රභූ දූෂිත කල්ලියක් පක්ෂ දෙකකට බෙදිලා මේ රට මෙච්චර කාලයක් විනාශ කළා. ඒ යුගය 2022න් අවසන් කලා ගෝල්ෆේස් එකේදී. හැබැයි අරගලෙන් අවසන් කරපු එක නීත්‍යානූකූලව තහවුරු කරගන්න ජනතාවට බැරි උනා. මේ සැප්තැම්බර් 22 කියන්නේ අරගලෙන් ජයග්‍රහණය කරපු දේ ව්‍යාවස්ථානූකූලව ජනතාවගේ බහුතර කැමැත්තෙන් තීන්දු කරන දවස”