දේශීය

පොහොට්ටුවෙන් ගිය අ​ය රටට ආදරේ නම් ආපහු එයි – සාගර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්‍ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් පිළිබඳව විශ්වාසය තබා ඇති බවයි.

පොහොට්ටුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා බවත් නාමයෝජනා ඉදිරිපත් කර සතියක් යන විට රටේ බහුතරයක් ඔහුට සහයෝගය පළකරනු ඇති බවත් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු සඳහන් කළේ, පොදුජන පෙරමුණට පුද්ගලයන් සමඟ තරඟයක් නොමැති මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුව අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයා තාවකාලිකව පත්කළ කෙනෙක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

” මෙහෙමයි අපි බලාපොරොත්තු වෙනවා,මේ රටට ආදරේ කරන හැමදෙනාම අපි ළඟට නැවත එයි කියලා. රටට ආදරේ නොකරන කට්ටියට ඒ වගේ විවිධ තැන්වලට යන්න පුලුවන්. හැබැයි අපි වඩාත්ම විශ්වාසය තියලා ඉන්නේ මේ වෙලාවේ,මේ රටට ආද​රේ පුරවැසියන් කෙරෙහි මිසක් මහජන නියෝජිතයින් කෙරෙහි නෙවෙයි.

එමෙන්ම මේ ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුවක් නොවන බවත් මෙය අපි හදපු ආණ්ඩුවක් බව අපි තවමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තමා සිටින්නේ බව දඔහු අනාවරණ කර සිටියා.

මෙය මහින්ද රාජපක්ෂ වටා බිහිවෙච්ච ආණ්ඩුවක් බවයි එහිදී ඔහු කියා සිටියේ.

ඇතැම් අය පවස​න ප්‍රකාශ වලට කලබල වෙන්නේ නැත්තේ එය පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙන්නේ නෑ කියන හා සමාන බව මහලේකම් සාගර කාරියවසම් මහ​තා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button