දේශීය
එදා මහින්දට අප්පච්චි කියපු අයට දැන් රනිල්ට ඩැඩී කියන්න වෙලා – හෙක්ටර් අප්පුහාමි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘අප්පච්චි’ ලෙස පැවසූ පුද්ගලයින්ට අද රනිල් වික්‍රමසිංහ මහතාට ‘ඩැඩී’ යනුවෙන් පැවසීමට සිදුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
ඔහු පවසන්නේ, සැප්තැම්බර් 21 වනදා වන විට වෙනස සිදුවනු ඇති බවයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව සැප්තැම්බර් 21 වනදා වන විට සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති ධුරයට පත්වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා,
” එදා මහින්ද රාජපක්ෂට අප්පච්චි කියපු පොහොට්ටු වල අය අද රනිල් වික්‍රමසිංහට ඩැඩී කියලා තමයි කියන්න වෙලා තියෙන්නේ.ඒ නිසා මං හිතන්නේ දැන් ඩැඩීට ආදරේ වැඩි ඇති. සැප්තැම්බර් 21 වෙනකොට මේ රටේ වෙනස වෙයි.”