දේශීය

පොහොට්ටුවෙ ඉතුරු වෙලා ඉන්න අය වැඩ කරන්නේ තමන්​ගේ වාසියට – ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, එ​ම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින අය ප්‍රතිපත්ති නොව පෞද්ගලික වාසිවලට කටයුතු කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

උඩුගම්පල පිහිටි ප්‍රසන්න රණතුංග මහතාගේ පක්‍ෂ කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ක්‍රික් බල මණ්ඩලයේදී ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button