දේශීය

මේ පාර ජනපතිවරණය හබලක් නැති ඔරුවක් වගේ –ගීතා

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය පවසන්නේ පාර්ලිමේන්තුවේ දී පවා උජාරුවෙන් පක්ෂ නායකයින් කාන්තාවන්ට නිසි තැන, සම තැන දිය යුතු යැයි කතා කළ ද පාර්ලිමේන්තුවේද 6%ට අඩු කාන්තා නියෝජනයක් සිටින බවයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

රටක කාන්තා අයිතිවාසිකම් පිළිබදව සියලු පක්ෂ නායකයින් මීට වඩා උනන්දු විය යුතු බවත් මෙවර ද කාන්තා නියෝජනයක් නොමැති ජනපති ධූර අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි බවත් ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button