දේශීය

දරු තිදෙනා පොලීසියට දී කෝච්චියට පනින්න ගිය කාන්තාව

තම දරුවන් තිදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කල තිදරු මවක් ඊයේ (09) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි මෙම තිදරු මව ඊයේ (09) පස්වරුවේ හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බවට පවසා වයස අවු 08,06, සහ 04 වයස්වල පසුවන දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසමින් ඉල්ලීමක් කර තිබෙනවා.

අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ දරුවන් තිදෙනා රදවා ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සහ කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව එම කාන්තාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබුණා.

පොලිසිය සඳහන් කළේ, මානසික ආතතියකින් පෙළෙන මෙම කාන්තාව නිරන්තරයෙන් සැමියා සමග ආරවුල් ඇති කර ගන්නා බවත්, සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අයෙකු බවයි.

මානසික ආතතියකින් පොළෙන බිරිද තමන්ට පාලනය කරගත නොහැකි බවත්, ඇය රෝහල් ගත කර වෛද්‍ය ප්‍රතිකාර කිරිමට කටයුතු කරන ලෙසට සැමියා පොලිසියෙන් කල ඉල්ලිමක් මත තිදරු රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට යාම ප්‍රතික්ෂේප කල මෙම කාන්තාව පොලිස් නිලධාරිනියන් සමග නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් කටයුතු කර ඇති අතර හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ උපදෙස් මත කාන්තාව පොලිස් ජිප් රථයකින්ම රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button