දේශීය
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් කාන්තාවත් මරුට

ග්‍රෑන්ඩ්පාස් – වදුල්ලවත්ත – පුරදොර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ(26) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි කාන්තාවද මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ 56 හැවිරිදි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
සිද්ධියෙන් 31 හැවිරිදි ඇගේ ඥාති පුත්‍රයෙකුද ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු මාතර -කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හෙළිවී තිබෙනවා.
මොවුන් ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබුණා.
රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.