දේශීය

ගිනිඅවි භාරදෙන්න ලබා දී තිබු කාලය දීර්ඝ කරලා

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දුන්නා.

නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ගබඩාව වෙත එම ගිනිඅවි ලබාදෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දුන්නේ.

කෙසේවෙතත් මේ වන විට විශාල පිරිසක් ගිනිඅවි යළි භාරදීමට පියවර ගෙන තිබෙනවා.

මේ දක්වාත් ගිනිඅවි ලබානොදුන් පිරිස් සඳහා එම ගිනිඅවි යළි ලබාදීමට මෙලෙස කාලය දිර්ඝ කිරීමක් සිදුකර ඇති බවට වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button