දේශීය

දෙමටගොඩ දුම්රිය අංග​න සේවකයින්ගේ වර්ජනය අවසන්

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් ආරම්භ කළ වර්ජනය මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ඒ අද (07) පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමින් එහි සේවකයින් මේ වනවිට සේවා කටයුතුවලින් ඉවත් වී තිබුණා.

අදාළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.

නියෝජ්‍ය දුම්රිය සාමන්‍යාධිකාරි N.J ඉඳිපොළගේ මහ​තා පැවසුවේ, වර්ජනයේ නිරතව සිටි සේවකයින් අදාළ සාකච්ඡාවෙන් පසුව යළි රාජකාරි ආරම්භ කළ බවයි.

ඒ අනුව ධාවනය ප්‍රමාද වූ උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ දුන්හිඳ ඔඩිසි යන දුම්රිය යළි ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button