දේශීය
ආණ්ඩුවේ සරල බහුතරයට ප්‍රශ්නයක් නෑ – ප්‍රසන්න

ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, පක්ෂය නිවැරදි තීන්දු නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි විය හැකි බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, දිවුලපිටිය ආසනයේ ඊයේ (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගත වෙන බවත් දැන් රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් බවයි.