දේශීය

අරලියගහ මන්දිරයේ ඉදිරිපිට තිබූ ආරක්ෂක කුටි ඉවතට

අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.

මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ඊයේ (11) දින කොළඹ මහ නගරසභාව විසින් සිදු කෙරුණා.

මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 සිට , වසර 19 ක කාලයක් වසා දමා තිබුණා.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button