මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව මැතිවරණ කොමිසමට කැඳවයි

මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්ව සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවට වාර්තාවනවා.
මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L. රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
ඒ මහතා පැවසුවේ, ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ව අද (31) දිනයේ මැතිවරණ කොමිසම වෙත කැඳවූ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ R.M.A.L. රත්නායක මහතා,
“පොලිස්පතිවරයෙක් නම් කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නෑ. අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස, ඒ සඳහා බලය තිබෙන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමයි. ඒ අනුව ඊයේ මැතිවරණ කොමිසම තීරණයක් ගත්තා ජනාධිපති ලේකම්වරයාගෙන් ඒ ඉල්ලීම කරන්නට. ඊයේ උදේ වරුවේ අපි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළා පොලිස්පතිවරයා හෝ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කරන්න කියලා. ඒ අනුව ඒ සඳහා ඊයේ හවසම ප්‍රතිචාර ලැබිලා තියෙනවා ජනාධිපති ලේකම්වරයාගෙන්. ජනාධිපතිවරයාගේ නියමය අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දීලා තිබෙනවා මැතිවරණ කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපතිවරණයේ ආරක්ෂ කටයුතු සඳහා අවශ්‍ය වන සියලුම පොලිස් නිලධාරීන් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අද දවස තුළ මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කැඳවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.”