ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනස් විය යුතුයි – වෙල්ගම

ඉහළ තනතුරු දරන පුද්ගලයන්ගේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් පවතින ජනතා විශ්වාසය බිඳීගොස් ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, නිදහස් පක්ෂයේ වත්මන් නිලධාරී මණ්ඩලය වෙනස් නොවන්නේ නම් පක්ෂයට අනාගතයක් නොමැති බවයි.
කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඒ බව සඳහන් කළා.
“ඇමතිකම් දාල එන්න පුළුවන්නේ. ඇමතිකම් දාලා ආවොත් වරප්‍රසාද නැහැ, වාහන නැහැ, ඉන්ධන නැහැ, ඕවටනේ ඔක්කෝම යන්නේ. ඇයි පත්තරෙන්නේ දැක්කේ ඔක්කොම. ඒයා දැක්කේ ඔක්කෝම පත්තරෙන්. පාස්කු ප්‍රරහාරයේදීත් එයා හිටියෝ සිංගප්පූරුවේ. රටේ අවදානම් තත්ත්වයක් තිබුණ වෙලාවේ රටේ ආරක්ෂක අංශයෙන් අපිටත් දැනුම්දුන්නා අපේ ආරක්ෂක නිධාරීන් හරහා අවදානම් තත්ත්වයක් රටේ තියෙනවා කියලා.වෙන්න ඉස්සරවෙලා අපේ ආරක්ෂක නිලධාරීන් අපිට දැනුම් දුන්නා.”
ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහොම ගියොත් මොකද වෙන්නේ ?
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා – “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ පක්ෂයක් මේ නිලධාරීන් සිටිනතුරු කවදාවත් ගොඩ එන්න බැහැ. මිනිස්සුන්ගේ විශ්වාසයක් නැහැ. නව ලංකා නිදහස් පක්ෂය අපි ශ්‍රී ලංකා කියන තේමාව යටතේ තමයි අලුත් පක්ෂයක් ලෙස මේ යන්නේ. හොඳ ව්‍යුහයක් හදන්න තමයි අපි කල්පනා කරන්නේ. නැතුව ජනාධිපති මැතිවරණයක්වත්, අගමැත්කම්වත් ගන්න නෙමෙයි ඒවා තියෙන්නේ 2024 දැන් කොච්චර කෑගැහුවත් ජනාධිපතිවරණයක් නැහැ.”