දේශීය
වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ,ඒ අනුව රු 1,700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇති බවයි.
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබුවා.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර 2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.