දේශීය
ධීවර යාත්‍රාව පරීක්ෂා කරන්න ගිය නාවික භටයින්ට පහරදීලා

නාවික හමුදා මුර යාත්‍රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව පැමිණිල්ලක් කළ බව ත්‍රිකුණාමල වරාය පොලීසිය පවසනවා.
ත්‍රිකුණාමලය, කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම නාවික භටයාට පහර දීම සිදු කර ඇති බවයි පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ.
මුහුදේ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබු මුර සංචාරක යාත්‍රාවක සිටී නාවික භටයන් සැක කටයුතු ධීවර බෝට්ටුවක් පරීක්ෂා කිරීමට යෑමේදී බෝට්ටුවේ දැල්වලට යොදා තිබූ ඊයම් බරු සහ ගල් වලින් එම නාවික භටයන් දෙදෙනෙකුට පහරදී පලා ගොස් තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ, නිලාවේලි විජයබා නාවික කඳවුරේ නාවික භටයෙක්.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.