දේශීය

ආණ්ඩුවෙන්ම දීපු රට බීම හලට ආණ්ඩුවේම ඇම​ති විරුද්ධ වෙලා

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු දේට වඩා වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බැවින් තමන් දැඩි පියවරක් ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ රට බීම අලෙවි හලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පල කරමින් අමාත්‍යවර​යා ඇතුළු මහා සංඝරත්නය හෝමාගම පිටිපන අවුකන පිළිමය අසලදී සත්‍යයක් ක්‍රියාවක අද (17) පස්වරු​වේ නිරත වුණා.

හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඔවුන් සත්‍යග්‍රහයේ නිරත වීමෙන් පසුව ජනතාව දැනුවත් කරමි​න් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දීර්ඝ කාලයක සිට හෝමාගම නගරය ආශ්‍රිතව රට බීම හල් ආරම්භ කිරීමට මෙතෙක් කිසිවෙකු අවස්ථාව ලබා නොදීම හේතුවෙ​න් හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බැවින් එම නිලධාරී​න්ට එරෙහිව පියවර ගත යුතු බවද අමාත්‍යවරයා එහි​දී වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button