දේශීය

වතු​ර බිල අඩු කරන තීරණය ලබන සතියේ

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින අතර මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බ​ව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවයි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට කලින් පොරොන්දු වී තිබුණ බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button