දේශීය

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද

 ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වීමේදීයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ​තා අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

මීට පෙර ද ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ​තා මෙවර ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තර​ඟ කරන බව මේ වනවිට ප්‍රකාශ කර අවසන්.

ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40කට වැඩි සංඛ්‍යාවකගේ සහාය ද හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button