දේශීය

විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙ​රේ

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (07) දිනයේ අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.

රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී ද ඒ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් එම නියෝගය නොතකා අදාළ දීමනාව ලබාදෙන ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම මැතිවරණ නීතියට පටහැනි බව මැතිවරණ කොමිසම පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button