දේශීය
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් පුටුව අලුත් වෙයි

ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත්කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වනවිට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.
ශ්‍රී සන්තෝෂ් ජා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස ගෝපාල් බග්ලේ මහතා මේ වනවිට කටයුතු කරනු ලබනවා.