දේශීය

හෙට පැය 10ක් විදුලිය කපයි

අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ හෙට (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවය.

ඒ අනුව හෙට (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.

A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇත.

විදුලිය කප්පාදු කිරීමේ නව කාල සටහන අනුව A, B, C, D, E, F යන කලාපවලට හෙට පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රි 12 තෙක් අඛණ්ඩ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවෙයි.

G, H, I, J, K, L යන කලාප සඳහා උදෑසන 8 සිට සවස 2 දක්වා පැය 06ක කාලයකුත් සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 04ක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

P, Q, R, S යන කලාප සඳහා සවස 2 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 10ක් අඛණ්ඩව විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

T, U, V, W යන කලාප සඳහා උදෑසන 8 සිට සවස 2 දක්වා පැය 06කුත්, සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 04කුත් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එමෙන්ම M, N, O, X, Y, Z ලෙස නව කලාප 06ක් හඳුන්වා දී ඇති අතර එම කලාපවලට උදෑසන 8 සිට සවස 6 දක්වා අඛණ්ඩ පැය 10ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button