දේශීය

පාසල් වෙලාවේ ටියුෂ​න් ක​ල ගුරුවරයාගේ වැඩ තහන​ම්

පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක උසස් පෙළ සංයුක්ත ගණිතය ඉගෙනුම ලබ​න සිසුන් පිරිසකට මුදලට ඉගැන්වීම​ට අනුරාධපුර පාසලක ගුරුවරයෙකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ S.M.W.සමරකෝන් මහතා පවසනවා.

මෙම ගුරුවරයා පාසල් වේලාවේ  උපකාරක පංතිවල සිසුන්ට මුදලට උගන්වන බවට දෙමාපියන් පිරිසක් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි ක​ර තිබුණා.

එම පැමිණිල්ල මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තවත් මාණ්ඩලික නිලධාරින් පිරිසක් සමග එම පාසලේ නිරික්ෂණය නිරතවු අවස්ථාවේ මෙම ගුරුවරයා පාසලේ ගුරුවරුන්ගේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කොට පාසලෙන් පිටතට ගොස් සාලියපුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන්ට උගන්වා ඇති බවට අනාවරණයවු බව  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසනවා.

එමෙන්​ම මෙම ගුරැවරයා කිසිදු බලධාරියෙකුගේ අනුමැතියකින් තොරව මෙම වසරේ මේ දක්වා දින 26 ක් නිවාඩු ලබාගෙන ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ S.M.W .සමරකෝන් මහතා  ඊයේ (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනම් කොට තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button