දේශීය

පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා – සජිත්

අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මඩකලපුව එරාවුර් නගරයේ දී පැවැති ජන රැළියක් අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඊශ්‍රායල් රටේ ත්‍රස්තවාදි ප්‍රහාරයට මුහුණ දෙන පලස්තීන ජනතාව වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් ඊශ්‍රායල් ආණ්ඩුවට පලස්තින ජනතාව සමූල ඝාතනය කරන්න අයිතියක් නොමැති බවයි.

මේ රටවල් දෙක සහෝදරත්වයෙන් මිත්‍රශීලීත්වයෙන් සාමකාමීව ජීවත් විය යුතු බවද එහිදී ඔහු කියා සිටියා.

එමෙන්ම ජාතික සමගිය තමාගේ ගමනේ ප්‍රධාන අරමුණ බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ කිසිදු භේදයෙන් තොරව ජාතික ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් රටේ සෑම ආගමකටම ජාතියකටම ඇති අයිතිය ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

කොරෝනා සමයේ ආදාහන භුමදාන ගැටලුවේදී එවක රජය ඉස්ලාමීය ජනතාවගේ භූමදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් WHO නිගමන හරහා භූමදානයට පක්ෂව තමා ඇතුළු පිරිස හිටගත්තත් එවක ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ ජාතිවාදී ආගම්වාදී ප්‍රතිපත්ති පෙරටු කර ගෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button