දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රේණිගත කිරීම් නතර කර​ලා

වාණිජ හේතූන් මත ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රේණිගත කිරීම් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව Fitch Ratings නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිසා තවදුරටත් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ශ්‍රේණිගත කිරීම් හෝ විශ්ලේෂණ ආවරණයක් ලබා නොදෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ඔවුන් 2024 ජූනි 25 දිනට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි 7%​ක අනාරක්ෂිත බැඳුම්කර සඳහා රජය විසින් සහතික කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 175ක ශ්‍රේණිගත කිරීම ඉවත් කර ගන්නා ලද අතර, එය ‘සී’ අගයක් ලෙසයි තහවුරු කර ඇත්තේ.

මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සමාගම 2024 ජූනි 25 දිනට නියමිත බැඳුම්කරවල වාරික හා පොලී නොගෙවා ඇති අතර, එය දැනට දින 30ක සහන කාලය තුළ පවතිනවා.

තවද, 2023 දෙසැම්බර් 25, 2023 ජූනි 25, සහ 2022 දෙසැම්බර් 25 වැනි දිනට නියමිත බැඳුම්කර ගෙවීම් සම්බන්ධයෙන් ද ගුවන් සේවයේ පෙර පැහැර හැරීම් සහන කාල සීමාවන් ඉකුත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button