ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (02) පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය එක්සත් ජාතීන්ගේ ලෝක ළමා අරමුදලට අදාළව වෙන් කර තිබීමත් විශේෂත්වයක්.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ, ධනංජය ද සිල්වා වෙනුවට පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවීමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button