ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල අද බංග්ලාදේශයට එරෙහිව තරඟ බිමට

 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලි​යේ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟ​ය අද (20) පැවැත්වෙනවා.

ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

B කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ප්‍රතිවාදියා, බංග්ලාදේශ කණ්ඩායමයි. 

මෙම තරඟ​ය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලි​යේ පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහි තරඟ​ය කඩුලු 7කින් ඉන්දීය කාන්තා කණ්ඩායම ජය ගත්තා.

තරඟ​යේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 108ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 3ක් දැවී සිටයදී නියමිත ඉලක්කය පසු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button