දේශීය

ශ්‍රී ලංකාව ෆිච් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ෆිච් ශ්‍රේණිගත කිරීම්හී  ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය, සීමිත පැහැර හැරීමේ මට්ටම හෙවත් R D ශ්‍රේණියේ සිට C C C සෘණ මට්ටම දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

එම ආයතනය පෙන්වා දෙන්නේ, ෆිච් රේටින් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙම වර්ධනීය තත්ත්වයට ශ්‍රී ලංකාව උසස් කර ඇති බවයි.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හුවමාරුවෙන් පසු කෙටි කාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය පහත හෙළුණු අතර ස්වෛරී ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක අනුව ෆිච් ආයතනය එය C  දක්වා උසස් කර ඇති බව සඳහන් වනවා.

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ෆිච් ආයතනය පෙන්වා දෙන්නේ,  දේශීය ණය හුවමාරුව මේ වන විට අවසන් කර ඇති බැවින් එලෙස සී මට්ටම දක්වා උසස් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button