ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේ.

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේත් දකුණු ආසියාවේ රටවල් අතර 02 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශකළා.
රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළයෑම ජනතාවගේ ආහාරවේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බවද ඔවුන් පවසයි.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිනෙන් දින ආහාරවල මිල ඉහළ යෑමය.
පෝෂ්‍යදායි ආහාරවේලක් නොලැබීම සහ ආහාර මිලදීගැනීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාරවේල මගහරිමින් සිටින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වාදෙනවා.
ඒ අනුව වැඩිදුරටත් එම සංවිධානය පවසන්නේ, මෙරට ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් ද පවතින බවය.
මෙරට සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අනාවරණය කළා.