දේශීය

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වෙනවා.

හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති බව වාර්තා වනවා.

මේ වනවිට පාකිස්තානය සහ ශ්‍රීලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක් පවත්වා ඇති අතර, ඉන් 07ක්ම පාකිස්තානය ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button