ක්‍රීඩා
ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය අද

ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගය අද උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඊයේ පැවති අවසන් පුහුණු සැසිය සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය පුහුණු සැසියක් නොවූ අතර, ඒ සඳහා එක් ව සිටියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණි.
එම ක්‍රීඩකයන් කිහිපදෙනා අතර ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා නිත්‍ය එක්දින නායක දසුන් ශානකද සිටීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ මේ දක්වා සහභාගි වූ තරග තුනේ දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වුණා.