දේශීය
සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාවද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවර ගෙන තිබෙනවා.
2023 වසරේදී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව වාර්තා වන්නේ, සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙන බවයි.
ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලී, ඉන්දුනීසියාව සහ සීශෙල්ස් යන රටවල්වලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයක්.
සංචාරකයින්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාර පාන සැපයීම සහ වෙරළේ සුන්දරත්වය මෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බව අදාළ වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.