ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට

තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කරගත්තා.
කෙසේවෙතත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට සඳහා වූ ඉලක්කයද පන්දුවාර 42කදී ලකුණු 252ක් දක්වා අඩුකළා.
Mohammad Rizwan ලකුණු 86කින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළා.
ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.
පාකිස්තානය වෙනුවෙන් හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග පන්දු 69කදී ලකුණු 52ක් රැස්කරගැනීමට Abdullah Shafique සමත්වුණා.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක්ද, ප්‍රමෝද් මධුශාන් ලකුණු 58කට කඩුලු 2ක්ද දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 ක අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන එමින් ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත්වුණා.
පන්දු 87ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.
මෙන්ඩිස්ට අගනා සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කළා.
අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතව ජයග්‍රහණය කරා රැගෙන යාමට චරිත් අසලංක සමත්වුණා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 51කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 49ක් රැස්කර ගත්තා.
ඒ අනුව, එළඹෙන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායම සමග ආසියානු කුසලානයට තරඟ වැදීමට නියමිතයි.