ආකර්ෂණීය ඔලිම්පික් නිල ඇඳුම් අතරට ලංකාවට සුවිශේෂි තැනක්
2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඳ සිටි නිල ඇඳුම්වලින් වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර, තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ජනප්‍රිය ක්‍රීඩා සඟරාවක් වන සපෝර්ට් ඉලස්ට්‍රේටඩ් විසින් මෙම තෝරාගැනීම සිදුකර තිබුණා.
ජනප්‍රිය අමෙරිකානු ක්‍රීඩා සඟරාවක් වන සපෝර්ට් ඉලස්ට්‍රේටඩ් සඟරාවට විසින් මෙවර ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වූ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැළඳ සිටි නිල ඇඳුම් අතරින් නිල ඇඳුම් 11ක් මෙලෙස හොඳම නිල ඇඳුම් අතරට තෝරාගෙන තිබීම විශේෂත්වයක්.
එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියානු ඔලිම්පික් කණ්ඩායම පැළඳ සිටි 11නිල ඇඳුමටයි.
මෙම ඇඳුම තුළ මොන්ගෝලියානු සංස්කෘතියේ ගැඹුරින් මුල් බැසගත් සංකේත ඇතුළත් වන බවයි සපෝර්ට් ඉලස්ටේඩ් සඟරාව දන්වා සිටියේ.
මෙම නිල ඇඳුමේ ජැකට්ටුවේ ඉහළ අතේ ඇති මෝස්තරය එරට වඩාත්ම කැපී පෙනෙන නගර කිහිපය ආභාෂය ලබා ඇති අතර, කළු ටී-ෂර්ටය මඟින් මෙක්සිකෝවේ නිදහස් සංග්‍රාමයේ ශත සංවත්සරය අනුස්මරණය කරනවා.
මේ අතර, මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරඟයට අද (02) සහභාගී වීමට නියමිතයි.
තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ආරම්භ වන අතර ප්‍රංශ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.45ට යි.