ක්රීඩා
ශ්රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරඟය අද

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතයි.
ශ්රී ලංකා කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවනවා.
ඒ අනුව, තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.