දේශීය
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට අලුත් සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා ව පත්කර තිබෙනවා.
ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගනු ලැබුවා.
සුනිල් ජයරත්න මහතා වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළා.
ඔහු වසර තුන හමාරක පමණ කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කර තිබෙනවා.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්.