ක්‍රීඩා
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය අද

2023 ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවැනි තරගය අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ, කඩින් කඩ වැසි ඇතිවුණද කොළඹ දිස්ත්‍රික්කයට තද වැසි ඇතිවීමේ අවදානමක් වාර්තා වී නැති බවයි.
මේ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින තරගයද අද (09) පැවැත්වීමට නියමිතයි.
මෙරට වේලාවෙන් පස්වරු 03යි 30ට එම තරගය ආරම්භ වීමට නියමිත අතර, කණ්ඩායම් දෙක අතර එක්දින තරගාවලිය තරග 03කින් සමන්විත වනවා.