දේශීය

රනිල්ගේ පඩි වැඩි කිරීමට එරෙහිව සජබෙන් පැමිණිල්ලක්

තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (04) දිනයට යෙදී ඇති පසුබිමක,ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව පවසා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබෙනවා.

එමගින් පෙන්වා දී ඇත්තේ අදාල නිවේදනයේ ඇති කරුණුවලට අනුව ඉන් මැතිවරණ නීති උල්ලංඝනය වී ඇති බවයි.

එම නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සහ අදාල නිවේදනය ඉල්ලා අස්කරගන්නා ලෙසට දක්වමින් සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබෙනවා.

2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දැමීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව ඊයේ (03) ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button