ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන කිහිපයක් අතුරුදන්

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ ,ලොරි රථයක්, අස්ථානගත වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වනවා.
වර්තමානයේ මෙකි භාවිතා කරණු ලබන පාර්ශව පිළිබද තොරතුරු අනාවරණය කරගැනිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.
එහිදී සඳහන් වන්නේ, මෙම වාහන විධිමත්ව අපහරණය කළ බවට සාක්ෂි විගණනයට අනාවරණය වි නොමැති බවයි.
අමාත්‍යංශයේ ප්‍රවානහන අංශය විසින් මේ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබු අතර මෙම වාහන 2023 දෙසැම්බර් මස 31 දිනට අමාත්‍යංශයේ වාහන ලැයිස්තුවට හා වත්කම් ගිණුමට ඇතුළත්ව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වනවා.
මේ නිසා 2023 වර්ෂයේ ගිණුම්වල ඇතුලත් වත්කම්වල වටිනාකම ඌණ ගණනය වි ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.
එමෙන්ම අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය සතු මෝටර් රථ 15ක් මේ වනවිට වෙනත් රාජ්‍ය ආයතන විසින් භෞතිකව පරිහරණය කරනු ලැබුවද මේ දක්වා එම වාහන විධිමත්ව පවරාදිමට හෝ නැවත ලබාගැනිමට කටයුතු කර නොතිබුණා.
එහි රුපියල් මිලියන 33.7ක් වු වාහන 08ක් සහ තවදුරටත් ගිණුම්ගත නොකළ වාහන 07ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන්.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව තිබෙනවා.