දේශීය
නිල සංචාරයක් සඳහා රුසියානු ආරක්ෂක කවුන්සල ලේකම් අද පස්වරුවේ දිවයිනට

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිල සංචාරයක් සඳහා රුසියානු ආරක්ෂක කවුන්සල ලේකම් නිකොලායි පැට්රුෂෙව් මහතා අද (22) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
රුසියානු ආරක්ෂක මණ්ඩල කාර්යාලය උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය මාධ්‍ය මේ බව නිවේදනය කර ඇත.
ආරක්ෂක ගැටලු පිළිබඳ උපදේශන ලබාදීම රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව රුසියානු මාධ්‍ය කළ වාර්තාවන්හි සඳහන්.