දේශීය
පාසල් සිසුන්ට නිල ඇඳුම් චීනයෙන්

ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙරට පාසල් සිසුන් සදහා පසුගිය වසරේ දී 70%ක් සහ මේ වසරේ දී 80%ක් චීනය විසින් නිල ඇදුම් පරිත්‍යාග කර ඇති බව සදහන්.
ඒ අනුව, ලබන වසරේ දී 100% පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් පරිත්‍යාග කිරීමට සිය රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් එහිදී වැඩිදුරටත් කියා සිටියා.