දේශීය
සරත් ෆොන්සේකා ඇප තියයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
වෘත්තීයවේ දී ධම්මික රත්නායක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කෙරුණා.
ඒ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින්.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද වනවා.
ඒ අනුව මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 16ක්.
ඒ අතරින් දේශපාලන පක්ෂ මඟින් අපේක්ෂකයින් 9 දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 6 දෙනෙකුද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.