විශේෂාංග

සල්මාන් ඛාන්ගේ අලුත්ම චිත්‍ර­ප­ටය නිකුත් වීම­ටත් පෙර කෝටි 12ක් උප­යලා

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් එක්වන ‘ටයිගර් -3‘ චිත්‍රපටය නිකුත් වීමට දින දෙකක් ඉතිරිව තිබියදිම ඉන්දීය රුපියල් කෝටි 12.4ක ටිකට් පත් අලෙවිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය රුපියල් බිලියන 3ක මුදලක් වැය කරමින් නිෂ්පාදනය කර ඇති ‘ටයිගර් -3 චිත්‍රපටය 12 වැනිදාට යෙදී ඇති දීපාවලී උත්සව දිනයේදී තිරගත වීමට නියමිතයි.

අද වන විට එම මුදල ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනු ඇතැයි බොලිවුඩ් සිනමා විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර ඇති අතර, තිරගත වන පළමු දිනයේදී කෝටි 40ක ආදායමක් උපයා ගනු ඇති බවද වාර්තා පළවී තිබෙනවා.

සල්මාන් ඛාන් සමඟ කත්රිනා කයිෆ්, එම්රාන් හෂ්මි, රිද්දී ඩොග්රා සහ විශාල් ජෙත්වා රංගනයෙන් දායක වන ‘ටයිගර් -3‘ චිත්‍රපටය 2017දී තිරගතවූ ටයිගර් චිත්‍රපටයේ දිගුවක් බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button