සුරක්ෂා රක්ෂණය යළිත්

මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
එම රක්ෂණය ලබාදීම මෙවර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දී ඇති අතර වසර තුනක කාලයක් සඳහා එම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි හයසීයක මුදලක් ලබාදීමට නියමිතයි.
වාර්ෂික ආදායම රුපියල් 180 000 ලබා දෙන දෙමාපිය මරණ ප්‍රතිලාභය අස්වැසුම වැඩසටහන්ට අයත් පවුල්වල සිසුන්ට ලබාදීමට නියමිතයි.
ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මිල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඇගයීමට ලක් කර 2024/2025, 2025/2026 සහ 2026/2027 යන වර්ෂයන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන රුපියල් බිලියන 6.027ක (වැට් රහිත) මුදලකට ක්‍රියාත්මක කිරීම නිර්දේශ කර තිබෙනවා.
ඉහත සඳහන් පරිදි වසර 03ක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත ප්රදානය කිරීමටත්, සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් 180,000කට අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ට හිමි දෙමාපිය මරණ ප්රතිලාභ “අස්වැසුම” වැඩසටහනට අයත් පවුල් වල සිසුන්ට ද ලබා දීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.