විශේෂාංග

කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ දලයි ලමා තුමන්ට පිරිනමයි

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් වෙත පිරිනමා තිබෙනවා.

පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී සුභූති මහා විහාරයේ සංරක්ෂකණය කර තැන්පත් කර තිබූ මෙම සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය බ්‍රහස්පතින්දා (04) ටිබෙටයේ පැවති විශේෂ උත්සවයකදී දලයි ලාමා තුමන් වෙත ප්‍රධානය කෙරුණා.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පිප්‍රාවා කැණීම්වලින් සොයා ගන්නා ලද මෙම ධාතූන් වහන්සේලා ලොව පුරා වෙසෙන බෞද්ධයන් සඳහා ඉමහත් වැදගත්කමක් දරනවා.

මෙම අගනා කපිලවස්තුපුර ධාතූන් වහන්සේගේ භාරකරු වන්නේ පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක ස්වාමීන් වහන්සේයි.

ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේ පවසන්නේ බෞද්ධාගම වෙනූවෙන් ඉතිහාසයේ අන් කවරෙකුටත් වඩා වැඩි සේවයක් කර ඇත්තේ ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් බැවින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ලබා ගැනීමට සුදුසුම තැනැත්තා ඔහු බවයි.

ඒ අනුව, හිමචල් ප්‍රදේශ්හි ධරම්බාලා නගරයේ දී ධාතූන් වහන්සේ ප්‍රදානය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී මෙම ධාතූන් වහන්සේලා දලයි ලාමා තුමන් වෙත පිළිගැන්වීම සිදු කෙරුණා.

කන්ග්‍රා ගුවන් තොටුපලේ සිට දලයි ලාමා තුමන් වැඩ සිටින විහාරස්ථානය වෙත අසිරිමත් පෙරහැරකින් මෙම ධාතූන් වහන්සේ වැඩම කරවූ අතර මෙම අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා සහ ටිබෙට් අනුගාමිකයන් 3000කට අධික පිරිසක් එක්ව තිබුණා.

“මෙම වටිනා ධාතුව ශ්‍රී ලංකාවේ සමස්ත සංඝ සමාජය වෙනුවෙන් මම උන්වහන්සේට පූජා කරනවා. ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ  කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා දලයි ලාමා තුමන්ට පිළිගැන්වීමේ අදහසින් මා වෙත පැමිණියේ 2017 වසරේදී. ඉන් වසර 6 ක පමණ සැලසුම්වලින් අනතුරුව අවසානයේ එම ඉල්ලීම ඉටු කිරීමට අපට හැකි වී තිබෙනවා.” යනුවෙන් පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක ස්වාමීන් වහන්සේ අදහස් පළ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button