දේශීය

රත්වත්තේ සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළවයි පසුගිය 31දා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.

එහිදී ලොහාන් රත්වත්තේ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, නොවැම්බර් මස 3 වනදා ලොහාන් රත්වත්තේ මහතාව ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුව සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පසුවුණා.

මේ අතර එම මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ 04 වනදා පෙනීසිටීමෙන් අනතුරුවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button