දේශීය

පාසල් සිසුවෙකුට පහරදුන් විදුහල්පති සහ ගුරුවරු 5 දෙනෙක් අත්අඩංගුවට

නුවරඑලිය ගාමිණි ජාතික පාසලේ උසස් පෙල අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකු පහර දුන් සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙක් ඊයේ (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑලිය පොලිසිය සඳහන් කළේ, එම පාසලේ විදුහල්පතිවරයා,ගුරු මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ දෙනමක් සහ ගුරුවරුන් තිදෙනෙක් එලෙස අත් අඩංගුවට ගත් බවයි.

පහර කෑමට ලක්වූ සිසුවා 2024 වසරේ උසස් පෙල විභාගයට පෙනි සිටිම සදහා අයදුම්පත් ලබා ගැනිමට ඉකුත් (03) දින පාසලට ගිය අවස්තාවේදී සිසුවාගේ කොණ්ඩය වැවි තිබීම හේතුවෙන් විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙසට පහර දි තිබෙන බවට සඳහන් කරමින් සිසුවාගේ දෙමව්පියන් විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

විදුහල්පතිවරයාගේ පහරින් බේරිමට සිසුවා අත ඔසවා සිටි අවස්තාවේ පාසලේ ගුරුවරුන් වශයෙන් සේවය කරන භික්ෂුන් වහන්සේ දෙපල සහ ගුරුවරුන් තිදෙනා සිසුවාට පහර දි ඇති බවට දෙමව්පියන් විසින් එම පැමිණිල්ලෙහි සඳහන් කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව විදුහලේ විදුහල්පතිවරයා ,ගුරුවරුන් පස්දෙනා ඊයේ (08) දින නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් අනතුරුව සැකකරුවන් හයදෙනාට සිසුවාට කිසිදු බලපැමක් සිදු නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කර ලක්ෂයේ ශරිර ඇප 12 ක් මත නිදහස් කර, යලිත් මෙම නඩුව ලබන මස (26) දින කැදවිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button