දේශීය

දේශපාලනඥයන්ට පාසල් උත්සව තහනම්?

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව​ට විසඳුම් දෙන තුරු දේශපාලනඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන්දුවක් ගෙන තිබෙනවා.

මීට අමතරව පාසල්වලට පැවැත්වෙන උත්සව සඳහා කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නොකිරීමට ද එම වෘත්තීය සමිති හතට අයත් විදුහල්පතිවරු තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳෙන තෙක් කෙටි කාලින විසඳුමක් ලෙස සිය​ලු විදුහල්පති ශ්‍රේණිධාරීන්​ට විදුහල්පති දීමනාව රුපියල් 15,000 ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එළැඹ සිටින බව එම සංගමය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button