දේශීය

පොහොර සහනාධාරය අදියර 2කින් ගෙවන්න සැලසුම්

වැඩි කළ පොහොර සහනාධාරය අදියර 2කින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, වැඩි කළ පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම් දීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හැරෙනු ඇති.

එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හරින බව ලේකම්වරයා ප්‍රකාශ කළා.

අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි.

හෙක්ටයාර් එකකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩිකිරිමට ජනාධිතිවරයා පසුගියදා පියවර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button