පියුමි CIDයට

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.
ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය ඇය භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පසුගිය 17 වැනිදා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින පියුමි හංසමාලි මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 19 වැනිදා අවසර ලබාදී තිබුණා.
මේ අතර, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27 වැනිදා ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබුණා.