දේශීය

IMF මුදල් ගැන ජනතාවට විශ්වාසයක් නෑ – වෙරිටේ රිසර්ච්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල නිසා අනාගතයේදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් සියයට 45%ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ජනතාවගෙන් 28%ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නා.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 1008 දෙනෙකුගේ යුත් නියැඳියක් තෝරාගෙන තිබුණා.

එම නියැඳියට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන රටේ දැන් සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරිපත් කර ඇති අතර, එම ප්‍රශ්නයට පිළිතුරුදීම සඳහා නියැඳියට පිළිතුරු 5ක් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button